මීළග ජනාධිපති නාමල් නෙමෙයි.. අද්දැකීම් තියෙන සජිත්.!

මීළග ජනාධිපතිවරණයේදී නාමල් රාජපක්ෂට අවස්තාවක් නැතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන සඳහන් කරයි.

දැනට පේන තෙක්මානයේ ඉන්නේ සජිත් ප්‍රේමදාස බවත් ඔහුට අද්දැකීම් ගොඩක් තියෙන බවද මන්ත්‍රී ජගත් විතාන සඳහන් කරයි.

මන්ත්‍රී ජගත් විතාන සඳහන් කළේ,

“නාමල් රාජපක්ෂ ඉතින් ජනතා විමුක්ති පෙරමුණ වගේ තව ගොඩක් කල් යනවා. සියයට 3 නේ ඉන්නේ දැන්. 3 නේ හිටපු කට්ටියට අවුරුදු 30ක් විතර ගියානේ බලයට එන්න.

දැනට පේන තෙක්මානයේ ඉන්නේ, පොදු විපක්ෂයත් පිළිගන්නවා. UNP එකත් පිළිගන්නවා සජිත් තමයි ඉන්නේ. ඉතිං එයාට අද්දැකීම් ගොඩක් තියනවා.”

කළුතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මේ බව සඳහන් කරයි.

4 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments