හානියට පත් නිවාස වෙනුවෙන් ලක්ෂ 50ක් ලබාදීම ජනපති ප්‍රධානත්වයෙන්.!

‘Rebuilding Sri Lanka’ වැඩසටහන යටතේ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පූර්ණ ලෙස හානි වූ නිවාසයක් වෙනුවෙන් නව නිවසක් ඉදි කරගැනීමට රජය විසින් රුපියල් ලක්ෂ 50ක් ලබාදීමේ නිල වැඩසටහන ජනපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් හෙට (09) අනුරාධපුරයේදී පැවැත්වේ.

ඊට අදාළ චක්‍ර ලේඛය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය විසින් නිකුත් කර ඇත.