2020 වර්ෂයේ හම්බේගමුව පොලිස් ස්ථානයේදී පුද්ගලයෙකුට පහරදී තුවාල සිදු කිරීම හා කෲර ලෙස වද හිංසා සිදු කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ පොලිස් පරීක්ෂකවරයෙකුට වසර 7ක සිර දඬුවමක් නියම කර ඇත.
මොනරාගල මහාධිකරණ විනිසුරු චින්තක ශ්‍රීනාත් ගුණසේකර විසින් මෙම නියෝගය ලබාදී ඇත.
මෙම පුද්ගලයාට වසර 7ක සිර දඬුවමට අමතරව රු. 10,000/- ක දඩයක් නියම කර ඇති අතර එය නොගෙවන්නේ නම් මාස 06ක ලිහිල් වැඩ සහිත සිර දඬුවම් ද නියම කර ඇත.
මෙලෙස සිර දඬුවම් නියම වූයේ මේ වන විට සියඹලාණ්ඩුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරනු ලබන පොලිස් පරීක්ෂකවරයෙකුට වේ.
