හෙට සිට උපරිම සහයෝගය ලබා දෙන්න.. ජනතාවට දැනුම් දෙයි.!

05 වැනි ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය හෙට (10) දින ආරම්භ වීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

එම සමීක්ෂණය වෙනුවෙන් නිවෙස් සහ පාසල්වෙත පැමිණෙන වෛද්‍ය කණ්ඩායම් සඳහා උපරිම සහයෝගය ලබාදෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවට දැනුම් දෙයි.

ඒ අනුව දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම අහඹු ලෙස තෝරා ගත් පාසැල් සිසුන් හා වැඩිහිටියන් 10,000ක නියැදියක දත්ත එකතු කෙරෙනු ඇත.

පාසල් ළමුන්ගේ දත්ත පාසල් පරිශ්‍රයන් තුළදී මෙන්ම වැඩිහිටියන්ගේ දත්ත නිවෙස් වෙත ගොස් ලබා ගැනීමට නියමිතය.

එහිදී මුඛ සෞඛ්‍යයට අදාළ ප්‍රශ්නාවලියක් සම්පූර්ණ කර ගැනීමටත් මුඛ සෞඛ්‍ය පරීක්ෂාවක් සිදු කිරීමටත් නියමිතය.

මෙම සමීක්ෂණයේදී ලබාගන්නා දත්ත ඉදිරි සේවා සැළසුම් කිරීම අතිශය වැදගත්වන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, දන්ත සේවා, විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments