ජනතාව වෙනුවෙන් පූජ්‍ය මාවීකන්දේ රතනපාල හිමිගෙන් ඉඩම් පරිත්‍යාගයක්.!

දිට්වා සුළි කුණාටුවෙන් දේපළ හානි වූ ජනතාව නඟාසිටුවීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට සමගාමීව සියඹලාපිටිය, යට්ටෝගොඩ, යටහලෙන රජමහා විහාරාධිපති, සාම විනිසුරු, ජාතික මානව හිමිකම් අධ්‍යක්ෂක, ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම විශාරද පූජ්‍ය මාවීකන්දේ රතනපාල හිමිපාණන් වහන්සේ විසින් ඉඩම් පරිත්‍යාගයක් සිදුකරනු ලැබීය.

මේ අනුව උන්වහන්සේට අයත් ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියඹලාපිටිය ප්‍රදේශයේ පිහිටි අක්කර දහයක පෞද්ගලික ඉඩම් කොටසක් මෙලෙස පරිත්‍යාග කළ අතර, අදාළ ලේඛන ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වෙත (07) පස්වරුවේ භාර දෙනු ලැබීය.

දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූ ජනතාව වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙළක් රජය විසින් ආරම්භ කර තිබෙන බවත්, ඒ අනුව ඉඩම් පරිත්‍යාග කිරීමට කැමති අයට අවශ්‍ය තොරතුරු www.rebuldingsrilanka.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවත් ජනාධිපති ලේකම්වරයා මෙහිදී සඳහන් කළේය.

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments