නිවසක සගවා තිබු කඩු 10ක් සොයාගනී.!

හෙරොයින් ග්‍රෑම් 16ක් ළඟ තබා ගැනීම සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී තහනම් කඩු 10ක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් 22 හැවිරිදි සැකකරු අපරාධකරුවෙකුගේ ආධාරකරුවෙකු බව පොලීසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් මට්ටක්කුලිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.