මතුගම පොලීසියේ ගිනි අවියක් සහ උණ්ඩ 10ක පතරොම් ගැබක් අතුරුදන්.!

මතුගම පොලීසියේ උප සේවා භාරයේ තිබු පිස්තෝල ගිනි අවියක් සහ උණ්ඩ 10ක් සහිත පතරොම් ගැබක් අස්ථාන ගත වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.

පසුගිය ජනවාරි (26) වන දින සිට අදාළ අවිය සහ උණ්ඩ අස්ථාන ගත වී ඇති බවට ලේඛන පරීක්ෂාවේදී අනාවරණය වී ඇති අතර මතුගම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.