By Reporter.lk on (LK time)
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා වන අදියර IV මාර්ග කොටස ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.
සමස්ත මධ්‍යම අධිවේගී මාර්ගයේ සම්පුර්ණ අපේක්ෂිත ප්රතිලාභ සාක්ෂාත් කර ගැනීම පිණිස මුළු දිග කිලෝමීටර 58.6ක් වන කුරුණෑගල සිට දඹුල්ල දක්වා වන අදියර IV ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ.
එම අදියරේ ඉදිකිරීම සඳහා හඳුනාගත් ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු සිදු කිරීම පිණිස 2025-06-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී ඇත.
ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියේ භෞතික ප්රතිය 73.3%ක් වන අතර, ඉඩම් අත්පත් කර ගැනීම සඳහා තව දුරටත් වන්දි ගෙවීම සිදු කළ යුතුව තිබේ.
ඒ අනුව, මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා වන අදියර IV මාර්ග කොටස ඉදිකිරීමේ කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා පහත සඳහන් පරිදි පියවර ගැනීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයෙන් විසින් අනුමත කරන ලදී.





