අමෙරිකාවේ නාවික සීල් පුහුණුව සම්පූර්ණ කළ මෙරට පළමු නාවික හමුදා සාමාජික ලුතිනන් කොයාන් චාමිත වැලිසර යුධ හමුදා කඳවුරේ නේවාසිකාගාරයේදී හදිසියේ මියගොස් ඇත.
28 හැවිරිදි ඔහු ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහුගේ මරණයට නිශ්චිත හේතුව හඳුනාගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බව නාවික හමුදාව සඳහන් කරයි.
මේ අතර එම මරණය සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා වාර්තාවක් ලබා දෙන්නැයි ආරක්ෂක ආමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික එයා වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා නාවික හමුදාපතිවරයාට උපදෙස් ලබාදී ඇත.
