By Reporter.lk on (LK time)
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගණේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරුවන්ට ආධාර අනුබල දෙමින් ඔහුව මෙහෙය වූයේ යැයි රඳවා ප්‍රශ්න කරන කෙහෙල්බද්දර පත්මේ තවත් දින 90 රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම රහස් පොලීසියට (05) අවසර ලබා දුන්නේය.
එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් දින 90ක් රඳවා ප්‍රශ්න කළ පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන කෙහෙල්බද්දර පත්මේ පෙබරවාරි (26) දින සිට තවත් දින 90ක් රඳවා ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය මගින් අනුමැතිය ලබාගත් බවට රහස් පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම අවසරය ලබා දුන්නේය.





