ජපාන රජයේ අරමුදල් සහාය ඇතිව, සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (I.O.M.) විසින් කටුනායක ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ ස්ථාපිත කළ ස්වයංක්‍රීය දේශසීමා පාලන පද්ධතිය (Automated Border Control/E – Gate System) අද (28) පස්වරුවේ විවෘත කළේය.
මෙම ව්‍යාපෘතිය මෙරට පළමු ස්වයංක්‍රීය දේශසීමා පාලන පද්ධතිය වන අතර අමෙරිකානු ඩොලර් මිලියන 8.4ක වටිනාකමකින් ඉදිකළ මෙම ගේට්ටු පහසුකම යටතේ බෝවන රෝග හඳුනා ගැනීම වැනි පහසුකම් ගණනාවක්ද ඇතුළත් වේ.
කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙන මගීන්ට තත්පර 40ක් වැනි කෙටි කාලයක් තුළ සිය නිශ්කාශන කටයුතු නිමකර ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රයෙන් පිටව යාමට නව පද්ධතිය හරහා අවස්ථාව උදාවනු ඇත.
මෙම පහසුකම යටතේ ගුවන්තොටුපොළේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ හැකියාව පවති අතර දැනට මෙම පහසුකම මෙරට මගීන්ට පමණක් විවෘතව ඇත.
