මීට දින දෙකකට පෙර, මහනුවර ගලහා දෙල්තොටවත්ත කල්ලන්තැන ශ්‍රී මුතුමාරි අම්මන් දේවාලයේ අසල සොයාගත් පාෂාණයට ඉහළ වාණිජ හෝ වෙළෙඳ වටිනාකමක් නොමැති බව ජාතික මැණික් සහ ස්වාර්ණාභරණ අධිකාරිය දැනුම් දී තිබේ.
කළුගලක නිල් පැහැති මැණික් ගලක් සේ දිස්වෙන පාෂණයක් එහිදී ප්‍රදේශවාසීන් හඳුනාගෙන තිබූ අතර පසුව එහි වැඩිදුර පරීක්ෂණ කටයුතු ජාතික මැණික් සහ ස්වාර්ණාභරණ අධිකාරිය විසින් සිදුකරන ලදී.
කෙසේවෙතත් නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය පවසා ඇත්තේ, පර්වතයේ ධාරක පර්වතයක් තුළ “Labradorite” ලැබ්‍රඩෝරයිට් නම් ඛනිජය කුඩා ප්‍රමාණයක් තැන්පත් වී ඇති බවය.
ලැබ්‍රඩෝරයිට් ඛනිජය අර්ධ වශයෙන් වටිනාකමක් උසුලන මැණික් පාෂාණයක් ලෙස වර්ගීකරණය කර ඇති බව එහි සඳහන් වේ.
නමුත් එම පාෂාණය සඳහා ඉහළ වාණිජ හෝ වෙළෙඳපොළ වටිනාකමක් නොමැති බව ජාතික මැණික් සහ ස්වාර්ණාභරණ අධිකාරිය වැඩිදුරටත් දැනුම් දී ඇත.
අදාළ වාර්තාව පහතින් දැක්වේ.

