තමන් හැංගුණේ නැති බවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පුරුදු තැනක් බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කරයි.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණි අවස්තාවේදි ජොන්ස්ටන් ප්‍රනාන්දු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ,
“හැංගෙන්න අවශ්‍ය නැහැනේ. මට මේක පුරුදු තැනක්. මේක අලුත් තැනක් නෙමෙයි. මේ සම්පූර්ණ දේශපාලන පළිගැනීමක්. මේ මුළු පවුලක්ම හිර කරන්න හදන්නේ. හරි.
මේ කිසිම සාක්ෂියක් නැතුව අවුරුදු දහයකට තරම් පැරණි නඩු. මේ නඩුවකට මගේ දරුවෝ දෙන්නාම අරගෙන ඉවරවෙලා මාව අරගෙන එක දවසේ.
අලුත් අවුරුදු ලබනකොට එක දවසේ මේ කරපු සැලසුමක්. වෙන දෙයක් නෙමෙයි. මගේ දරුවෝ දෙන්නත් වරදක් කරලා නැහැ.
මම වරදක් කරලත් නැහැ. ඒ නිසා අපි මේකට මුහුණ දෙනවා. මේකට අපි බය වෙන්නේ නැහැ. අපිව බය කරන්න හම්බ වෙන්නේ නැහැ.”
