අත්අඩංගුවට ගත් ජොන්ස්ටන්ට අධිකරණයෙන් දුන් නියෝගය.!

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ බාල පුත්‍රයා අද (05) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගත්තේය.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ බාල පුත්‍රයා වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.

වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ බාල පුත්‍රයා ජනවාරි මස (09) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

ස.තො.ස ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිත කරමින් රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ⁣මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත්තේය.

3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments