By Reporter.lk on (LK time)
අද (06) යාපනය ගුරුනගර් තොටුපොළේදී බෝට්ටුවක් පෙරළීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙම යාත්‍රාවේ වන්දනාකරුවන් 25ක් ගමන් කර ඇතැයිද ඉන් 15ක් සොයා මේ වන විටත් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
මෙම අනතුරින් රෝහල් ගත කර සිටි තවත් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.
පාලෙයිතිව් උත්සවය සඳහා වන්දනාකරුවන් පිරිසක් රැගෙන යමින් සිටි බෝට්ටුවක් මෙලෙස අනතුරට පත්ව ඇති බව වාර්තා වේ.





