යාපනය චෙම්මනි සමූහ මිනී වළ කැණීම් ස්ථානයේ කැණීම් කටයුතු 2026 වසරේ පෙබරවාරි (09) වනදා දක්වා කල් තැබීමට යාපනය මහේස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් සහ කැණීම් කටයුතු භාර විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා තීරණය කර ඇත.
චෙම්මනි සමූහ මිනී වළ කැණීම් ස්ථානය පරීක්ෂා කිරීම ඊයේ (19) දින යාපනය මහේස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් සහ කැණීම් කටයුතු භාර විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා පිරනවන් ඇතුළු පිරිසක් විසින් සිදු කළේය.
එහෙත් එම ස්ථානය ජලයෙන් පිරී තිබීම හේතුවෙන් එහි කැණීම් කටයුතු පෙබරවාරි (09) වනදා දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා ඇතුළු කණ්ඩායම එහිදී තීරණය කළ අතර එදින මෙම ස්ථානය නැවත පරීක්ෂා කර ඉදිරි සැලසුම සකස් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
තවද යාපනය නල්ලූර් ප්‍රාදේශීය සභාව මගින් කැණීම් ස්ථානයේ රැස්ව පවතින ජලය ඉවත් කර කැණීම් කටයුතු ආරම්භ කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා තවදුරටත් නියෝග කළේය.
