By Reporter.lk on (LK time)
අද (04) දින අලුයම ගාල්ල මුහුදට නාවික සැතපුම් 40ක් දුරින් අනතුරට පත්වූ ඉරාන නාවික හමුදාවට අයත් ‘IRIS Dena’ නෞකාවේ 180ක පිරිසක් සිට ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් අද (04) දින පාර්ලිමේන්තුවේදී සඳහන් කරයි.
ගාල්ලට ආසන්න ජාත්‍යන්තර මුහුදු සීමාවේදී අනතුරට පත් නෞකාවේ සිටි 30 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මුදාගෙන මේ වනවිට කරාපිටිය රෝහල වෙත රැගෙන විත් ඇති බවද අමාත්‍ය විජිත හේරත් සඳහන් කරයි.
අදාළ නෞකාව අනතුරට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකාවට අයත් මුහුදේදී නොවන නමුත් ජීවිත බේරාගැනීම වගකීමක් වන බැවින් මෙම මෙහෙයුම සිදුකළ අතර ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව මේ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බවද අමාත්‍ය විජිත හේරත් සඳහන් කරයි.
මේ අතර නෞකාව අනතුරට ලක්වූ ප්‍රදේශය සෝදිසි මෙහෙයුම් සඳහා ගුවන් හමුදා නිරික්ෂණ යානයක් පිටත් කර ඇති අතර ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවේ සිටි පිරිස මේ වනවිට ශ්‍රී ලංකා නාවික හමුදාවේ මුදාගැනීමේ කණ්ඩායම් විසින් ගොඩබිමට රැගෙන විත් ඇත.





