By Reporter.lk on (LK time)
අමෙරිකාවට සහ බ්‍රිතාන්‍යයට අයත් තෙල් නැව් තුනකට මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන IRNA වාර්තා කරන පරිදි, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) සඳහන් කරයි.
පර්සියානු ගල්ෆ් කලාපයේ සහ හෝමුස් සමුද්‍ර සන්ධියේදී මෙම මිසයිල ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මෙම මිසයිල ප්‍රහාර වලින් පසුව අදාළ නෞකා ගිනි ගනිමින් පවතින බව ඔවුන් සඳහන් කර ඇතත් අමෙරිකානු හෝ බ්‍රිතාන්‍ය බලධාරීන් මෙතෙක් මෙම වාර්තා තහවුරු කර නොමැත.
අදාළ මුහුදු කලාපයේ ආරක්ෂාව සම්බන්ධව සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇති බව බ්‍රිතාන්‍ය සමුද්‍රීය වෙළෙඳ මෙහෙයුම් මධ්‍යස්ථානය (UKMTO) සිය දෛනික වාර්තාව මගින් ප්‍රකාශ කර ඇත.
එහිදී හඳුනා නොගත් ප්‍රහාර පතිත වීමෙන් නෞකා දෙකක ගින්නක් හටගෙන ඇති බව එම ආයතනය තහවුරු කර ඇති නමුත් එම නෞකා කුමන රටකට අයත් ඒවාද යන්න මෙතෙක් තහවුරු කර නොමැත.





