By Reporter.lk on (LK time)
ඉරානයට එල්ල වූ ප්‍රහාරවලින් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගණනාවක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඝාතනයට ලක්වූ ඉරාන හමුදා ප්‍රධානීන් අතර රටේ සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී අබ්දුල්රහිම් මවුසාවි, ආරක්ෂක අසීස් නසීර්සාදේ (Aziz Nasirzadeh), ඉරාන විප්ලවීය බලකායේ (IRGC) අණදෙන නිලධාරී මොහොමඩ් පක්පූර් (Mohammad Pakpour), උත්තර්තර නායකයාගේ ආරක්ෂක කටයුතු පිළිබඳ උපදේශක අලි ශම්බානි (Ali Shamkhani), උත්තර්තර නායකයාගේ හමුදා කාර්යාංශයේ ප්‍රධානී මොහොමඩ් ශිරාසි (Mohammad Shirazi), යුධ තාක්ෂණ කාර්යාංශයේ (SPND) සභාපති හුසේන් අමේලියන් (Hussein Amelian), එහි හිටපු සභාපති රේසා නියා (Reza Nia) සහ ඒකාබද්ධ හමුදා අණදෙන මූලස්ථානයේ බුද්ධි අංශ ප්‍රධානී සාලේ අසාදි (Saleh Asadi) යන අය සිටින බව ඊශ්‍රායල ආරක්ෂක අංශ සඳහන් කරයි.
තවද එම ප්‍රහාර වලින් උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනිගේ දියණිය, බෑණා සහ මුණුපුරා මියගිය බවද රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.





