ඉරාන නෞකාවේ සිටි 204ක් ආරක්ෂිතව කොළඹ වරායට.!

ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ නැංගුරම්ලා තිබෙන ඉරානයේ ‘IRIS Bushehr’ නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයෙන් 204 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආරක්ෂිතව කොළඹ වරායට රැගෙන ආ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

මෙම නෞකාවේ කාර්ය මණ්ඩලය වැලිසර නාවික හමුදා කඳවුර වෙත රැගෙන යන බවත් ඔවුන්ගේ ලියාපදිංචිය, වෛද්‍ය පරීක්ෂණ හා ආහාර වැලිසර නාවික හමුදා කඳවුර වෙතින් සිදුකරන බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (05) රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments