By Reporter.lk on (LK time)
අමෙරිකාව සහ ඊශ්‍රායලය එකතු වී සිදුකළ ප්රහාරයන්ට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් කලාපීය රට වලට එල්ල කළ ප්‍රහාර සම්බන්ධයෙන් ඉරාන ජනපති මසූඩ් පෙසෙෂ්කියන් එම රට වලින් සමාව අයැද ඇත.
අසල්වැසි රටවල් වලට ප්‍රහාර එල්ල කිරීමට සිට රටට අවශ්‍යතාවක් නොමැති බවත් සාමය සහ සන්සුන්භාවය ස්ථාපිත කිරීම කලාපීය සහයෝගීතාව ලබාදෙන ලෙසද ජනාධිපතිවරයා ඉල්ලා ඇත.
ඉරානයට එරෙහි ප්‍රහාරයක් අසල්වැසි රට වලින් එල්ල නොවන්නේ නම්, ඉරානය කලාපීය රට වලට පහර නොදෙන බවද ඉරාන ජනපති මසූඩ් පෙසෙෂ්කියන් සඳහන් කරයි.
ඉරාන ජනපති මසූඩ් පෙසෙෂ්කියන් එරට රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ වීඩියෝ පණිවුඩයක් විකාශය කරමින් මේ බව සඳහන් කරයි.





