ඉරානය ගිනි ගනී.. යුධ පිටියේ මරණ 5000ක්.!

ඉරානයේ ආණ්ඩු විරෝධී විරෝධතා වලින් මියගිය ගණන අවම වශයෙන් පුද්ගලයින් 5000ක් පමණ වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මියගිය පුද්ගලයින් අතර ආරක්ෂක නිලධාරින් 500 දෙනෙකු ඇතුළත් බවත් මේ වනවිට විශාල පිරිසක් රෝහල්වල සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ වලදී විරෝධතාකරුවන් දහස් ගණනක් මියගොස් ඇති බවට එරට අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි පිළිගෙන ඇත. 

විරෝධතා අතරතුර දහස් ගණනක පිරිසක් මියගොස් ඇති අතර ඉන් ඇතැම් මරණ අමානුශික හා ම්ලේච්ඡ ආකාරයෙන් සිදුව ඇති බවද අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි සඳහන් කරයි.

අමෙරිකාවට හා ඊශ්‍රායලයට සම්බන්ධ පිරිස් විසින් සිය රටට විශාල හානියක් සිදු කළ අතර ඔවුන් මෙම මරණ වලට වගකිව යුතු බවද ඉරාන ආධ්‍යාත්මික නායකයා සඳහන් කරයි.

ඉරාන ජාතියට සිදුකළ හානිය හේතුවෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අපරාධකරුවෙකු ලෙස සළකන බවද ඉරාන ආධ්‍යාත්මික නායකයා සඳහන් කරයි.

එරට රාජ්‍ය මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදු කරමින් අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි මේ බව සඳහන් කරයි.

2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments