By Reporter.lk on (LK time)
මේ වනවිට මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුධමය තත්ත්වය හමුවේ රට තුළ පවතින ඉන්ධන තොග සම්බන්ධයෙන් IOC සමාගම නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව දිවයින පුරා පිහිටි IOC සියලුම සැපයුම් මධ්‍යස්ථානවල ප්‍රමාණවත් තරම් පෙට්‍රල් සහ ඩීසල් තොග පවතින බව IOC සමාගම සඳහන් කරයි.
එනිසා ඉන්ධන හිඟයක් ඇතිවේ යැයි බියෙන් අනවශ්‍ය ලෙස ඉන්ධන රැස්කිරීමෙන් වළකින ලෙසත් සාමාන්‍ය පරිදි ඉන්ධන ලබාගන්නා ලෙසද IOC සමාගම පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි.
දැනට පවතින පෙට්‍රල් තොග ඉදිරි දින 34ක් සඳහා ප්‍රමාණවත් බවත් ඩීසල් තොග ඉදිරි දින 26ක් සඳහා ප්‍රමාණවත් බවද IOC සමාගම සඳහන් කරයි.
මේ අතර Sinopec ඉන්ධන පිරවුම්හල් වලද ප්‍රමාණවත් ඉන්ධන තොග සහ ස්ථාවර සැපයුමක් පවතින බව එම සමාගම සඳහන් කරයි.





