අසල්වැසි ඉන්දියාවේ ප්‍රබල භූකම්පනයක්.!

අද (05) දින ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට සහ ඊසානදිග ප්‍රදේශ කිහිපයකට ප්‍රබල භූකම්පනයක් සිදුව ඇත.

මෙම භූකම්පනය අද අලුයම 4:17ට පමණ සිදුව ඇති අතර එහි කේන්ද්‍රය (Epicentre) ඇසෑම්හි මොරීගාඕන් (Morigaon) දිස්ත්‍රික්කය අසල වාර්තා වී ඇත.

මෙම භූකම්පනය රික්ටර් මාපකයේ 5.1ක ප්‍රබලත්වයක් පෙන්නුම් කළ බව ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය (NCS) වාර්තා කරයි.

කෙසේ වෙතත් මේ වන තෙක් කිසිදු ජීවිත හානියක් හෝ දේපළ හානියක් වාර්තා වී නොමැත.