78 වන අභිමානවත් නිදහස් දිනය අද (04) දිනට යෙදී ඇත.
“ගොඩනගමු ශ්‍රී ලංකා” යන තේමාව යටතේ පැවැත්වෙන 78 වන නිදහස් දින සැමරුම අද (04) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රදානත්වයෙන් අභිමානවත් ලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇත.
කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී නිදහස් දින සැමරුම් උත්සවය පැවැත්වෙන අතර දේශපාලන නියෝජිතයින්, ආරාධිතයන්, දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් රැසක් මෙම උත්සවයට එක්වීමට නියමිතය.
සංහිදියාව, සංස්කෘතිය, ආගමික හා ජාතික වශයෙන් වැදගත්කම පිළිඹිබු වන අයුරින් උත්සවය පැවැත්වීමට කටයුතු යොදා ඇත.
78 වන ජාතික දින සැමරුම් උළෙලේ ආචාර වෙඩිමුර උත්තමාචාරය අද (04) පෙරවරු 11.30ට ගාලුමුවදොරදී පැවැත්වීමට නියමිතය.
