By Reporter.lk on (LK time)
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් එරට හමුදා සාමාජිකයින් දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔවුන් දෙදෙනා ජාතික රාජකාරිය ඉටු කරමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර ඇත.
දිවි පිදූවන් දෙදෙනාගේ පවුල්වලට සිය ගැඹුරු ශෝකය සහ අනුකම්පාව පළ කරන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.





