බස් දෙකක් මුහුණට මුහුණ ගැටෙයි.!

හපුතලේ සිට කිරවනාගම දක්වා ධාවනය කළ පෞද්ගලික බස් රථයක් හා කිරවනාගම සිට බණ්ඩාරවෙල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් සිදුව ඇත.

හල්දුම්මුල්ල, සොරගුනේ ප්‍රදේශයේදී (23) මෙම බිහිසුණු අනතුර සිදුව ඇති අතර මෙම අනතුරින් බස් රථවල ගමන්ගත් මගීන් 6 දෙනෙකු තුවාල ලබා හල්දුම්මුල්ල දිසා රෝහල වෙත ඇතුළත් කර ඇත.