රටවල් ආරක්ෂා වන්නේ ගිවිසුම් මගින් නොව අයිතිවාසිකම් මගින් බැවින් රුසියාව සහ චීනය ග්‍රීන්ලන්තයේ බලය ලබාගැනීමට පෙර, අමෙරිකාව විසින් එහි අයිතිය ලබා ගත යුතු බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත.
ඒ හේතුවෙන් ග්‍රීන්ලන්තයේ බලය ලබාගැනීමට සරළ ක්‍රමයකින් හෝ දැඩි ක්‍රමයකින් ක්‍රියා කළ යුතු බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත.
කෙසේ වෙතත් ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඩෙන්මාර්ක සහ ග්‍රීන්ලන්ත වැසියන් පවසන්නේ, ග්‍රීන්ලන්තය යනු විකිනීමට ඇති භූමියක් නොවන බවයි.
ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට යුද ක්‍රියාමාර්ග ගතහොත් එමගින් නේටෝ සංවිධානයට දැඩි බලපෑම් එල්ල විය හැකි බවද එරට වැසියන් සඳහන් කරයි.
