ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ වත්මන් ආණ්ඩුවට නව වසරේදී මුහුණ දීමට සිදුවන අභියෝග කිහිපයක් පහතින්..
*විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සහ ව්‍යවස්ථාමය වෙනස්කම් සිදු කිරීම.
*නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සහ අධ්‍යාපන ක්ෂේත්රයේ අභියෝග.
*එළඹෙන 2027 වසරේදී ණය ආපසු ගෙවීමේ අභියෝගයට ඉදිරියේදී මුහුණ දීම.
*පළාත් පාලන ආයතන, සමූපකාර, පළාත් සභාවල බලය තහවුරු කර ගැනීමේ අභියෝගයට මුහුණ දීම.
*2026 වසරේදී විපක්ෂයේ විරෝධතා වලට මුහුණ දීම.
*ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ වෙඩි තැබීම් අවම කිරීම.
*ජාතික ජන බලවේගය බලයට පත්වීමට පෙර රටේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමේ දැවැන්ත අභියෝගය.
*ආණ්ඩුව සහ ජනමාධ්‍ය අතර ගොඩනැගෙන ගැටුම්කාරී තත්ත්වයට මුහුණ දීම.
*රටේ ජනතාව අපේක්ෂා කළ සාධාරණ පාලනය ඉදිරියටත් පවත්වාගෙන යාමේ අභියෝගය.
*රටේ ජනතාවගේ ජීවනෝපාය ගැටලු විසදීම.
*රටේ ජනතාව අතර ආණ්ඩුවේ ජනප්‍රියතාව වැඩි කර ගැනීම.
*පළාත් සභා මැතිවරණය ජය ගැනීම ආණ්ඩුව මුහුණ දෙන දේශපාලනික අභියෝගයක්.
