රන් මිල තවත් ඉහළ⁣ට.!

අද (06) දින උදෑසන ආසියානු වෙළෙඳපොළේ රන් අවුන්සයක් ඩොලර් 4,461ක් ලෙස දැක්වුණ අතර මෙරට රන් මිලද රුපියල් 3,000කින් ඉහළ ගොස් ඇතැයි වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

ඒ අනුව අද (06) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රුපියල් 337,600ක් දක්වා ඉහළ ගොස් ඇත.

තවද කැරට් 24 රන් පවුමක මිල රුපියල් 365,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.