පසුගියදා දිවයින පුරා ඇති වූ ආපදා තත්ත්වය සහ එළැඹෙන උත්සව සමය පදනම් කර ගනිමින් ගර්භණී කාන්තාවන්ට පෝෂණ දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව නොවැම්බර් මස (30) වන දින තෙක් මාතෘ සායනයන්හි ලියාපදිංචි වූ ගර්භණී කාන්තාවන් සඳහා රුපියල් 5,000ක් වටිනා පෝෂණ දීමනාව එක් වරක් පමණක් ලබාදීමට නියමිතය.
