අද (06) අලුයම ගලෙන්බිදුණුවැව පොලිස් වසමේ, නුවරගම් කොළනිය, පඩිකාරමඩුව ප්‍රදේශයේ නිවසකට එම නිවසේ හිමිකරු විසින් ගිනිතැබීමක් සිදුකර ඇත.
පවුල් ආරවුලක් හේතුවෙන් මෙම පුද්ගලයා පෙට්‍රල් දමා සිය නිවසට ගිනි තබා ඇති අතර ගින්නට හසුවී එම පුද්ගලයාත් ඔහුගේ 13 හැවිරිදි දියණියත් ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙම ගින්නට හසුවු 36 හැවිරිදි බිරිඳ, 15 හැවිරිදි දියණිය, 20 හැවිරිදි පුත්‍රයා සහ 66 හැවිරිදි බිරිඳගේ මව පිළිස්සුම් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
නිවසට ගිනි තබන අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ දියණියන් දෙදෙනා, බිරිඳ සහ බිරිඳගේ මව පමණක් වන අතර පිරිමි දරුවා සිද්ධිය සැලවීමත් සමඟ එම ස්ථානයට පැමිණ ඇත.
පවුල් ආරවුලක් හේතුවෙන් සැමියාගෙන් වෙන්ව තම දරුවන් තිදෙනා සමග මවගේ නිවසට පැමිණ සිටියදී සැමියා නිවසට ඇතුළු වී ප්‍රෙට්‍රල් දමා නිවසට ගිනි තබා ඇති බව මුලික පොලිස් පරික්ෂණයේදි අනාවරණය වු බව පොලිසිය සඳහන් කරයි.
