බූලිවලට ඉන්ධන නිකුත් කරන්න එපා.. නීතිය ක්‍රියාත්මකයි.!

මේ වනවිට මැදපෙරදිග ඇතිව තිබෙන යුධමය ගැටුම්කාරි තත්ත්වය හේතුවෙන් මෙරට ඉන්ධන සැපයුමට ගැන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා ජනතාවට දැනුම්දීමක් කර ඇත.

ඒ අනුව මෙරට ඉන්ධන සැපයුමට බාධාවක් නොවන බවත් අප්‍රේල් සහ මැයි මාසය දක්වා ඇණවුම් කර ඇති ඉන්ධන තොග ලැබීමේ ප්‍රමාදයක් ඇති නොවනු ඇති බවද සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා සඳහන් කරයි.

අද (01) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් සභාපති ඩී.ජේ. රාජකරුණා සඳහන් කළේ,

“අපි මේක කියන්නේ වගකීමක් සහිතව. ඒ නිසා පෝළීම්වල ඉන්න එකේ තේරුමක් නැහැ. අපි අද (01) තෙල් බෙදාහරින්න නෙවෙයි හිටියේ. ජනතාව තෙල් පරිභෝජනය කරන නිසා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු කරන සියලු සේවකයන් අපි සේවයට කැඳෙව්වා.

දැන් තෙල් නිකුත් කිරීම ආරම්භ කළා. ඒ වගේම හෙට (02) පෝය දිනයක් වුණත්, ‌තෙල් සැපයුම් කරනවා. අපි සියලුම පිරවුම්හල් වලට කියලා තියෙනවා බූලිවලට තෙල් සපයන්න එපා කියලා. බූලිවලට තෙල් අරන් ගිහින් අලෙවි කරන්න උත්සහ කළොත්, අපි නීතිය ක්‍රියාත්මක කරනවා.”

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments