By Reporter.lk on (LK time)
හිටපු ජනාධිපතිවරුන් සිය විදේශ සංචාර සඳහා වැය කළ රුපියල් කෝටි ගණනාවක මුදල් ලැයිස්තුවක් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ (03) පාර්ලිමේන්තුවේදි අනාවරණය කළේය.
ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය 2010 – 2015 කාලයේදී විදේශ සංචාර සඳහා රුපියල් කෝටි 357ක මුදලක් වැය කර ඇත.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය 2015 – 2019 කාලයේදී විදේශ සංචාර සඳහා රුපියල් කෝටි 38ක මුදලක් වැය කර ඇත.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය 2020 – 2022 වසර දෙකක කාලය තුළ රුපියල් කෝටි 12යි ලක්ෂ 60ක මුදලක් වැය කර ඇත.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය කාලයේ විදේශ සංචාර 16ක් සඳහා රුපියල් කෝටි 53ක මුදලක් වැය කර ඇත.
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ දක්වා සිදුකර ඇති විදේශ සංචාර 7ක් සඳහා රුපියල් එක් කෝටි හතළිස් නව ලක්ෂයක මුදලක් වැය කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.





