By Reporter.lk on (LK time)
මැදපෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට මැදපෙරදිග දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන්වාර 57ක් අද (03) දිනයේ අවලංගු කර ඇත.
ඒ අනුව මෙරටින් පිටත්ව යෑමට නියමිතව තිබූ ගුවන්ගමන් වාර 28ක් සහ මෙරටට පැමිණීමට නියමිතව තිබූ ගුවන්ගමන් වාර 29ක් අවලංගු කර ඇති අතර හෙට (04) දිනයේදී ගුවන් ගමන්වාර 4ක් අවලංගු කර ඇත.
මැදපෙරදිගට යන, එන මෙන්ම එම කලාපය හරහා වෙනත් ගමනාන්ත වෙත පියාසර කරන ගුවන් යානා තවදුරටත් තාවකාලිකව අවලංගු කර ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරයි.





