By Reporter.lk on (LK time)
මැදපෙරදිග කලාපයේ උද්ගතවී ඇති යුදමය තත්ත්වය මත මැදපෙරදිග කලාපීය ගුවන් සීමාවන් කිහිපයක් වසා දැමීම හේතුවෙන් එමිරේට්ස් ගුවන් සේවය ඩුබායි රාජ්‍යයේ සිට සිදුකරන සියලුම මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවා ඇත.
එමිරේට්ස් ගුවන් සේවය සිය සේවාව ඩුබායි රාජ්‍යයේ සිට සහ ඩුබායි දක්වා සිදුකරන සියලුම මෙහෙයුම් මාර්තු (03) වන දින එක්සත් අරාබි එමීර් රාජ්‍යය වේලාවෙන් පස්වරු 03:00 දක්වා තාවකාලිකව අත්හිටුවා ඇති බව එමිරේට්ස් ගුවන් සේවය සඳහන් කරයි.





