ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කරයි.!

මෙතෙක් කල් පැවැතුණු ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ (08) දින මැදියම් රැයෙන් අහෝසි කිරීමත් සමග අද (09) දිනයේ සිට නව සමාගම් 06 බලාත්මක වේ.

ඒ අනුව 1969 අංක 17 දරන ලංකා විදුලිබල මණ්ඩල පනත අවලංගු වූ අතර ලංකා විදුලිබල මණ්ඩලය ආයතිනක ඒකකයක් ලෙස නීත්‍යානුකූලවම මේ සමග අහෝසි විය.

විදුලිබල මණ්ඩලය අහෝසි වීමත් සමග විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති මෙහෙයුම් සඳහා අනුප්‍රාප්තික සමාගම් 06කට පැවරෙයි.

ඒ සඳහා වූ අති විශේෂ ගැසට් නිවේදනයක් පසුගියදා නිකුත් කිරීමටද බලශක්ති අමාත්‍යවරයා පියවර ගනු ලැබීය.

ඒ අනුව විදුලිබල මණ්ඩලයට අදාළ සියලු මෙහෙයුම් කටයුතු මින් ඉදිරියට මෙම සමාගම් 06 වෙත පැවරෙනු ඇත.

විදුලි ජනන ලංකා (පුද්ගලික) සමාගම, ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සපයන්නන්ගේ (පුද්ගලික) සමාගම, ජාතික පද්ධති ක්‍රියාකරු (පුද්ගලික) සමාගම, විදුලි බෙදාහැරීම ලංකා (පුද්ගලික) සමාගම, සේවක අරමුදල (පුද්ගලික) සමාගම සහ එනර්ජි වෙන්චර්ස් ලංකා (පුද්ගලික) සමාගම යන සමාගම්ය.

2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments