By Reporter.lk on (LK time)
අයථා ලෙස මුදල් ඉපැයීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කාරුවෙකු බව කියන දෙමටගොඩ රුවන්ට ඇප ලබාදීම සදහා රුපියල් ලක්ෂ එකසිය පනහක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියේ සැකකරුවෙකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නම් කරන බව අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් මොහොමඩ් මොහිදීන් සප්රාස් නවාස් නමැති සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම මේ බව සඳහන් කරයි.
අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුවකු ලෙස නම් කරන ආර්. දුමින්ද සිල්වා සම්බන්ධව විමර්ශනය කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට නියෝග කළේය.





