කෝටි 300ක මත්ද්‍රව්‍ය විනාශ කරයි.!

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිළධාරීන්ගේ මැදිහත් වීමෙන් රුපියල් කෝටි 300කට ආසන්න හෙරෝයින් හා අබිං මත්ද්‍රව්‍ය තොගයක් වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත පිහිටි අධි දහන උදුනේ දමා විනාශ කිරීම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝධරගම ඉදිරියේදී (02) සිදුවිය.

අදාල මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් නඩු කටයුතු අවසන් වීමෙන් පසුව මෙලෙස අධිකරණ නියෝග මත විනාශ කළේය.

මෙම මත්ද්‍රව්‍ය තොගය (02) දින උදෑසන කොළඹ මහසේත්‍රාත් අධිකරණයෙන් භාර ගැනීමෙන් අනතුරුව දැඩි පොලිස් හා විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව මත වනාතවිල්ලුව වෙත රැගෙන ඒම සිදුවිය.

අත්අඩංගුවට ගෙන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත ලබාදි තිබු හෙරෝයින් කිලෝ 106 ග්‍රෑම්ස් 248 හා අබිං මත්ද්‍රව්‍ය ග්‍රෑම්ස් 90.5ක් මෙලෙස විනාශ කර ඇත.

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments