මතට ඇබ්බැහි වූවන් වෙනුවෙන් පුනරුත්ථාපන මධ්‍යස්ථාන 3ක්.!

එක් දින ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථාන 3ක් මතට ඇබ්බැහි වූවන් වෙනුවෙන් ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සඳහන් කරයි.

මඩකලපුව, කුරුණෑගල හා යාපනය ප්‍රදේශවල එම මධ්‍යස්ථාන ආරම්භ කිරීමට නියමිත බව එහි ප්‍රතිකාර හා පුනරුත්ථාපන අංශයේ අධ්‍යක්ෂ ශාන්ත ගමගේ සඳහන් කරයි.

මඩකලපුව එක් දින ප්‍රතිකාර හා පුනරුත්තාපන මධ්‍යස්ථාන ලබන සතියේ විවෘත කිරීමට නියමිත අතර මෙම මධ්‍යස්ථාන මගින් රෝගීන්ට නේවාසිකව නවාතැන් නොගෙන එක් දින ප්‍රතිකාර සේවාවන් ලබාගත හැකිය.