සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් ඩ්‍රෝන යානා නියාමනයක් සිදුකරන බවත් ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් හඳුන්වාදෙන බව එහි අධ්යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල සඳහන් කරයි.
වාණිජමය වටිනාකමක් සහිත සියලු ඩ්‍රෝන යානා ලියාපදිංචි කළ යුතු බවත් පුද්ගලයින් ගෙනයන ඩ්‍රෝන යානා සහ පුද්ගලයින් රහිත ඩ්‍රෝන යනා විදිමත්ව ගුවන් ගත කිරීම සඳහා රෙගුලාසි හඳුවා දීලා තියෙන බවද එහි අධ්යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල සඳහන් කරයි.
අධ්යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල සඳහන් කළේ,
“සිවිල් ගුවන් සේවා අධිකාරිය මේ ඩ්‍රෝන යානා නියාමනයක් සිදුකරනවා. ඇත්තටම ගත්තොත් මෙහි කොටස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ පුද්ගලයින් ගෙනයන ඩ්‍රෝන යානා සහ පුද්ගලයින් රහිත ඩ්‍රෝන යනා.
මේවා සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරිය හැටියට විදිමත්ව ගුවන් ගත කිරීම සඳහා රෙගුලාසි හඳුවා දීලා තියෙනවා. අපි මේ වසරේ සිට එවා ක්‍රියාත්මක කිරීමට නියමිතයි. අපි මේක කලින් හඳුන්වා දුන්නේ වසර දෙකකට කලින්.
ඇත්ත වශයෙන්ම කිව්වොත් මෙහි කොටස් වර්ග කිහිපයක් තියෙනවා ග්‍රෑම් 250 සිට කිලෝ ග්‍රෑම් 25 දක්වා කොටස, ඊට පහළට වෙන්න සෙල්ල බඩු කියන වර්ගයට වැටෙන ඒවා අපි නියාමනය කරන්න අපි යන්නේ නැහැ.
මොකද සිවිල් ගුවන් සේවා අධිකාරිය ග්‍රෑම් 250ක් සහ වාණිජ පදනමෙන් පාවිච්චි කරනවානම් අපි එය නියාමනය කරන්න අවශ්‍ය. ඉතින් ඒ සඳහා කිසිම ගැටලුවක් නැහැ.”
