සියලුම මාර්ගවල මත්පැන් සහ මත්ද්‍රව්‍යය භාවිතා කර මෝටර් රථවාහන පදවන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.
මෙතෙක් නෛතික ක්‍රියාමාර්ග ගැනීමට නොහැකිව තිබූ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතා කර රථවාහන භාවිතා කරන රියදුරන්ට එරෙහිව අද (08) දිනයේ සිට නීතිය ක්‍රියාමක කරන බවද අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.
රසායනාගාරයේ සිදුකෙරෙන පරීක්ෂණයකින් විනාඩි තුනකින් මත්ද්‍රව්‍ය 12ක් සම්බන්ධයෙන් පරීක්ෂා කර ගැනීමට හැකියාව පවතින බවත් අදාළ ප්‍රතිඵලය රියදුරුවරයාට මුද්‍රණය කර ලබාදිය හැකි බවද අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.
අමාත්‍ය බිමල් රත්නායක අද (08) දින පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කරයි.
