ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට ඉතා ආසන්නයි.. ට්‍රම්ප් අනතුරු අඟවයි.!

ඉරානයට අමෙරිකානු හමුදා ප්‍රහාර එල්ල කිරීමට ඉතාම ආසන්න බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.

මේ අතර ඉරාන උද්ඝෝෂකයින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සතුටු කිරීමට උත්සහ කරන කරදරකාරයින් පිරිසක් බව අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි සඳහන් කරයි.

ඉරාන රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් සිදු කරමින් ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල්කමේනි මේ බව සඳහන් කර ඇත.

එය ප්‍රතික්ෂේප කරන පිරිස් ඉදිරියේ පසුබට වීමට සිය රජය සූදානම් නොමැති බවත් ජනරජය බලයට පත්වූයේ ගෞරවනීය පුද්ගලයින් ලක්ෂ ගණනකගේ රුධිරයෙන් බව සියලු දෙනාම දැන ගත යුතු බවද ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි සඳහන් කරයි.