හෙට සිට දිවයින පුරා රෝහල්වල වෛද්‍ය වර්ජනයක්.!

හෙට (23) දින උදෑසන 8.00 සිට පැය 48ක කාලයක් දිවයින පුරා රෝහල්වල සංකේත වැඩ වර්ජනයක නිරතවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.

නිදහස් සෞඛ්‍ය සේවාව සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් එකඟතාව ක්‍රියාත්මක කිරීමට අසමත්වීම හේතුවෙන් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බව එම සංගමය සඳහන් කරයි.

කෙසේ වෙතත් මාතෘ සහ ළමා රෝහල් වකුගඩු රෝහල් සහ පිළිකා රෝහල්වල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක නොවන බව එම සංගමය සඳහන් කරයි.