මහ බැංකුවේ සියලුම මුදල් දුන්නත් දොස්තරලාට මදි.!

මහ බැංකුව සතුව පවතින සියලුම මුදල් ලබාදුන්නත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දේශපාලන වුවමනාවන් ඉටු නොවන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණි සඳහන් කරයි.

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ගෙන තිබෙන වෘත්තිය ක්‍රියාමාර්ගවලට එරෙහිව තවමත් තම රජයක් මඟින් අවම බලය භාවිතා කර නොමැති බවද නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණි සඳහන් කරයි.

අවුරුදු සියයක් පමණ පැරණි වෘත්තීය සමිතියක් සහ දැනට පරිණත තත්ත්වයේ තිබිය යුතු වෘත්තීය සංගමයක් විසින් මෙතරම් අපරිමිතව ක්‍රියා කරන්නෙ කෙසේද යන්න තමාට ගැටළුවක් ඇති බවද නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණි සඳහන් කරයි.