තවමත් පුද්ගලයින් 173ක් අතුරුදන්.!

මෙරට ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් තවදුරටත් පුද්ගලයින් 173 දෙනෙකු අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

නුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 69 දෙනෙකු, කෑගල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 38 දෙනෙකු සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 32 දෙනෙකු අතුරුදන්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

ජනවාරි මස (25) වැනිදාට අදාළ වාර්තාවක් නිකුත් කරමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මේ බව සඳහන් කරයි.

පුද්ගලයින් 649 දෙනෙකු මියගොස් ඇති අතර ඉන් වැඩිම පිරිස නුවර දිස්ත්‍රික්කයේ වන අතර එම සංඛ්‍යාව 243ක් බවත් බදුල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 89 දෙනෙකු සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 81 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

සුරක්ෂා මධ්‍යස්ථාන 85ක පුද්ගලයින් 6,680 දෙනෙකු තවදුරටත් රඳවා සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.