ආපදා බලපෑම හේතුවෙන් හානි වූ නිවාස ඉදිකිරීම සහ නායයෑම් අධි අවධානම් නිවාස වෙනුවෙන් දීමනා ගෙවීම සඳහා මාර්ගෝපදේශ නිකුත් කර ඇත.
”දිට්වා සුළි කුණාටුව” හේතුවෙන් පැන නැඟුණු හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ ප්රදේශ වල බිඳ වැටී ඇති ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා, 2025-12-05 දිනැති අයවැය චක්රලේඛ අංක 08/2025 සහ 2025-12-20 දිනැති අයවැය චක්රලේඛ අංක 08/2025 (i) මඟින් යෝජිත සවිබල ගැන්වීමේ වැඩසටහනෙහි දක්වා ඇති නිවාස හානි සඳහා දීමනා ලබාදීමේ වැඩසටහන වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව ක්රියාත්මක කිරීමට අදාල උපදෙස් සහ පැහැදිලි කිරීම් ලබා දීම සඳහා මෙම මාර්ගෝපදේශය නිකුත් කර ඇත.
ඒ අනුව, 2025 නොවැම්බර් මස (21) වන දින සිට පැවැති ආපදා තත්ත්වය හා පසු ආපදා තත්ත්වය හේතුවෙන් 2025 දෙසැම්බර් (31) දින දක්වා සිදු වූ නිවාස හානි මේ සඳහා අදාළ වේ.











