CIDය ඉදිරිපිටදී මතුවු ලක්ෂ 62ක ස්නයිපර් අවිය.!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට රැදී සිටි කොමාන්ඩෝ සෙබලුන් දෙදෙනා සතුව තිබී හමුවූ “ස්නයිපර් අවිය” වෙනත් අපරාධයන් සදහා භාවිතා කර තිබේදැයි පරීක්ෂා කරන්නැයි කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය (14) දින නියෝග කළේය.

කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට මාර්ගයේ හාබර් මාස්ටර් කාර්යාලයට ඇතූළුවන වරාය ගේට්ටුව අසන්නයේදී ස්නයිපර් අවියක් සමග සැකකටයුතු දෙදෙනෙකු පසුගිය ඉරිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තේය.

මෙම පුද්ගලයින් දෙදෙනා සිවිල් ඇදුමින් සැරසී කළු රෙදි කැබැල්ලකින් ආවරණය කර අදාළ අවිය ළග තබාගෙන සිටි බවත් අනන්‍යතාව තහවුරු කල හැකි කිසිදු ලේඛනයක් ඔවුන් සතුව නොතිබූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම ස්නයිපර් අවිය රුපියල් ලක්ෂ 62ක් වටිනාකමකින් යුතු බව බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

ඔවුන් කියා සිටියේ ස්නයිෆර් වර්ගයේ ගිනි අවි යොදාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කිරීමේ සුදානමක් පිලිබදව ඒ වනවිට බුද්ධි තොරතුරු ලැබී තිබූ බැවින් මෙම සැකකටයු පුද්ගලයින් පරීක්ෂා කර අතුත්අඩංගුවට ගත් බවයි.

රජයේ රස පරීක්ෂකවරයාගේ පරීක්ෂණ අවසන්වූ පසුව රුපියල් ලක්ෂ දෙකක බැඳුම්කරයක් මත ස්නයිපර් අවිය ශ්‍රී ලංකා යුධ හමුදාව වෙත මුදා හරින ලෙස කොටුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ස්නයිපර් අවිය අවශ්‍ය වූ විට විමර්ශන සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට යුද හමුදාව කටයුතු කළ යුතු බව එම නියෝගයේ සඳහන් වෙයි.

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments