චීනයෙන් නවීන සුඛෝපභෝගී බස් රථ 100ක් ලංකාවට.!

විදුලියෙන් ක්‍රියාකරන නවීන සුඛෝපභෝගී බස් රථ 100ක් ලංකාවට කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී වොන් හොංග් සඳහන් කරයි.

මෙලෙස ලබාදීමට සැලැසුම් කර ඇති බස් රථයක මිල අමෙරිකානු ඩොලර් දෙලක්ෂ විසිපන්දහසක් පමණ වන බවද චීන තානාපති චී වොන් හොංග් සඳහන් කරයි.

ඉන්ධන භාවිතය හේතුවෙන් සිදුවන විශාල පරිසර දූෂණය අවම කිරීම අරමුණින් මෙම තීරණය ගත් බව චීන තානාපති චී වොන් හොංග් සඳහන් කරයි.

අද (22) මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ මෙන්ම අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැදුටු අවස්ථාවේදී චීන තානාපතිවරයා මේ බව සඳහන් කරයි.

3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments