BYD ලෝකයේ පළමු තැනට.!

මෙතෙක් කලක් විදුලි වාහන කිරුළ දරා සිටි අමෙරිකාවේ ටෙස්ලා සමාගම අබිබවා 2025 වසරේ ලොව විශාලතම විදුලි වාහන නිෂ්පාදකයා බවට චීනයේ BYD සමාගම පත්ව ඇත.

අමෙරිකාවේ ටෙස්ලා සමාගමේ වාහන අලෙවිය අඛණ්ඩව දෙවන වසරටත් පහත වැටීම හේතුවෙන් ඔවුන්ගේ ප්‍රබලම ප්‍රතිවාදියා වූ චීනයේ BYD සමාගම මෙලෙස ඔවුන් අබිබවා ගොස් ඇත. 

අමෙරිකාවේ ටෙස්ලා සමාගම 2025 වසරේදී වාහන මිලියන 1.64ක් අලෙවි කර ඇති අතර චීනයේ BYD සමාගම 2025 වසරේදී වාහන මිලියන 2.26ක් අලෙවි කර ඇති බව නවතම වාර්තාවකින් හෙළිවී ඇත.